Things have been written.
-
ත්‍රිපිටක සංරක්ෂකයන්ගෙන් ත්‍රිපිටකය රැක ගනිමු.
යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත ගැන විමසුමක්. ත්‍රෛනිකායික මහනාහිමිවරුන්, බෞද්ධ උපදේශන සභාව ඔස්සේ ජනාධිපතිවරයාට කල ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන්, “දුර්මතධාරින් ශාස්ත්‍රීයව පරාජය කිරීම” උදෙසා ත්‍රිපිටක සංරක්ෂණ පනතක් කෙටුම්පත් කෙරෙමින් තිබේ. සරසවි ඇදුරු මහැදුරන්ගෙන් සැදුම්ලත් මේ උපදේශන සභාව, ශාස්ත්‍රීය යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ කුමක් ද යන්න නො දන්නේ නො වේ. එහෙයින්, එකී අරමුණ සාක්ෂාත් කිරීමට මේ පනත් ප්‍රවේශය…
-
විඥානඝනයේ විරුද්ධාභාසය
බුද්ධකාලීන භාරතයේ ආත්මවාදය, නූතන කවර හෝ විඤ්ඤාණවාදයක් තරමට ම සියුම් ද සූක්ෂ්ම ද වූවකි. පූර්ව-බෞද්ධ උපනිශද් සාහිත්‍යයේ හමු වන බ්‍රහ්මන් යනු අහසේ ජීවත් වන අමරණීය සුපර්මෑන් කෙනෙක් ම නො වේ. බ්‍රහ්මන් අරභයා විවිධ අසංගත කතා අතර සුපර්මෑන් අර්ථකථනයෙන් බොහෝ දුර විකාශය වූ අදහස් දැරූ බ්‍රාහ්මණයින් ද අපට උපනිශදයේ හමු වෙයි. “හුදු විඤ්ඤාණයක්” යන්නෙන් මතු වන…
-
යාඥවල්ක්‍ය
විදේහ නරපති ජනකයෝ රාජාසනාරූඪව සිටි කල් හි යාඥවල්ක්‍ය තෙමේ එහි පැමිණියේ ය. ජනක නරපතියෝ උහු විචාලහ: “යාඥවල්ක්‍ය, කුමක් උදෙසා තෙපි මෙහි පැමිණියෙහු ද? ගවයන් කැමැත්තෙන් ද, නොහොත් සූක්ෂ්ම ප්‍රශ්න විචාරනු ලැබීමේ කැමැත්තෙන් ද?” “ඒ දෙක ම උදෙසා, මහරජ යැ” යි යාඥවල්ක්‍ය පිළිවදන් දුන්නේ ය. තව ද යාඥවල්ක්‍යයෝ මෙසේ ද කීහ: “මහරජ, තොප ගේ කවර හෝ…
-
පංචුපාදානස්කන්ධය
පංචුපාදානස්කන්ධය යනු අප සාමාන්‍යයෙන් සිතන්නට උගෙන ඇති පරිදි සරීර කූඩුව නො වේ. පංචුපාදානස්කන්ධය යනු මගේ අතීත, වර්තමාන, අනාගත සියලු අත්දැකීම් ගොන්න යි; මගේ සමස්ත තුන් කල් ලෝකය යි.1 පංචුපාදානස්කන්ධය ඇඟිල්ල දික් කර පෙන්විය හැක්කක් නොවේ: එසේ පෙන්වන්නට නම් මා එයින් පිටත සිටිය යුතු ය. නැතහොත් ඊට අයත් නොවන යමක් ලෝකයේ තිබිය යුතු ය. එය පෙන්වන්නට…
-
මගේ ලෝකය
පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයේ දී ඇතැ යි කිව හැක්කේ ‘මගේ’ ලෝකයක් පමණි.
-
තාරාවලෝකනය
සියක් විදුලි බුබුලින් ඒකාලෝකිත, ස්වර්ණ, ශ්වේත වර්ණයෙන් අලංකෘත සියනෙන් යුත්, සුමට දාරුමය බිම්තලයෙන් නිෂ්ඨිත මහා මණ්ඩපයෙහි අග්‍ර කෙලවර, අමරාවතියෙන් ඔසවාගෙනවුත් ලන්ඩනයේ ප්‍රතිෂ්ඨාපිත කමනීය කැටයම් පෙළ අභිමුඛයේ, මෘගපතියන් විසින් ආරක්ෂා කෙරෙන්නාක් සේ වැඩ හිඳිනා තාරා බෝධිසත්ත්වයන් වහන්සේ දකිමි. වසර දහසකට පෙර ගෝකණ්ණයේ දී උන් වහන්සේ යම් හෙළ ශිල්පියෙකු අතින් ප්‍රාදූර්භූත වූ සේක් ද, එ සමයේ උන්…
Got any book recommendations?