බුද්ධකාලීන භාරතයේ ආත්මවාදය, නූතන කවර හෝ විඤ්ඤාණවාදයක් තරමට ම සියුම් ද සූක්ෂ්ම ද වූවකි. පූර්ව-බෞද්ධ උපනිශද් සාහිත්‍යයේ හමු වන බ්‍රහ්මන් යනු අහසේ ජීවත් වන අමරණීය සුපර්මෑන් කෙනෙක් ම නො වේ. බ්‍රහ්මන් අරභයා විවිධ අසංගත කතා අතර සුපර්මෑන් අර්ථකථනයෙන් බොහෝ දුර විකාශය වූ අදහස් දැරූ බ්‍රාහ්මණයින් ද අපට උපනිශදයේ හමු වෙයි.
“හුදු විඤ්ඤාණයක්” යන්නෙන් මතු වන විරුද්ධාභාස පිළිබඳ ව බෘහදාරණ්‍යක උපනිශදය විවෘතව කතා කරන අවස්ථාවක පරිවර්තන තැතකි, පහත දැක්වෙන්නේ.
මේ සංවාදය සිදුවන්නේ බෘහදාරණ්‍යක උපනිශදයේ හමුවන විශිෂ්ටතම චරිතය වන යාඥවල්ක්‍ය සහ ඔහු ගේ බිරින්දන් දෙදෙනා ගෙන් විමුක්තිකාමී කත වූ මෛත්‍රෙයී අතර යි. යාඥවල්ක්‍ය ගිහි ගෙය හැර වනගත වීමට පෙර ඇය සමග කරන අවසාන සංවාදයේ අවසාන කොටසයි මේ:
“යම් සේ ජලයට දමන ලද ලුණු කැටයක් දිය වන්නේ ද, එය යලි ග්‍රහණය කළ නොහැකි වන්නේ ද, ඒ දිය කොතැනත් ලුණු රස ම වන්නේ ද, එපරිද්දෙන් ම මේ මහත් වූ, අනන්ත වූ පැවැත්ම විඥානඝනයක් ම වන්නේ ය. එයින් හටගත්තේ යමක් ද, එහි ම එය විනාශ වන්නේ ය. එතෙකින් ඔබ්බේ සංජානනයක් නොවන්නේ ය” යි යාඥවල්ක්‍ය කී ය.
“එතෙකින් ඔබ්බේ සංජානනයක් නොවන්නේ ය යන මේ කරුණෙහි ලා මම ව්‍යාකූල වීමි” යි මෛත්‍රෙයී පිළිවදන් දුන්නා ය.
“මෛත්‍රෙයී, මා කියන්නේ මුලා කරවනසුළු දෙයක් නො වේ. මෙය ම අවබෝධයට ප්‍රමාණවත් ය.
මක් නිසා ද යත්, ද්වයතාවක් ඇති තාක් කල් යමෙක් දෙයක් ආඝ්‍රාණය කරයි, යමෙක් දෙයක් දකියි, යමෙක් දෙයක් අසයි, යමෙක් දෙයක් කියයි, යමෙක් දෙයක් සිතයි, යමෙක් දෙයක් දැනගනියි.
යමෙක් බ්‍රහ්මන් හඳුනාගෙන සර්වාත්මත්වය සාක්ෂාත් කල කල් හි, කුමකින් නම් කුමක් ආඝ්‍රාණය කරයි ද? කුමකින් නම් කුමක් දකියි ද? කුමකින් නම් කුමක් අසයි ද? කුමකින් නම් කුමක් කියයි ද? කුමකින් නම් කුමක් සිතයි ද? කුමකින් නම් කුමක් දැනගනියි ද?යමකින් සියල්ල දැනගනියි ද, එය කුමකින් දත හැකි වේ ද? විජානකයා විජානනය කළ හැක්කේ කුමකින් ද, මෛත්‍රෙයී?”
— බෘහදාරණ්‍යක උපනිශද් 2.4.12–14
Painting by Anirban Guha